27 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsට්‍රම්ප් විසින් පනවපු බද්ද දින 90කට අත්හිටුවයි – චීනයට සහනයක් නැහැ

ට්‍රම්ප් විසින් පනවපු බද්ද දින 90කට අත්හිටුවයි – චීනයට සහනයක් නැහැ

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විවිධ රටවලට අදාළව 10%ක තීරුබද්ද ප්‍රකාශයට පත් කර ඇත. මෙම තීරුබද්ද ක්‍රියාත්මක වීම සඳහා දින 90ක විරාමයක් නිවේදනය කර තිබෙනවා.

මෙම දින 90ක කාලය ලබා දී ඇත්තේ එක් එක් රටවල් සමඟ වෙළඳ සාකච්ඡා පැවැත්වීම සඳහායි. එහෙත්, චීනය සඳහා මෙම සහනය අදාළ නොවන අතර, ඔවුන් සඳහා තීරුබද්ද 125%ක් ලෙස නියම කර ඇත.

ඊයේ (9) සිට ක්‍රියාත්මක වන පරිදි චීන ආනයන සඳහා ඇමරිකාව 104%ක තීරුබද්දක් පනවා තිබුණා. මෙම තීරුබදු පැනවීම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුව අනුව ක්‍රියාත්මක කර ඇත.

මෙම බදු පැනවීම හේතුවෙන් ලොව පුරා බොහෝ කොටස් වෙළඳපොලවල් කඩා වැටී ඇති අතර, ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල ද ඉහළ යාමක් පෙන්වයි.

ඇමරිකාවේ තීරුබදු ඉහළ යාමෙන් පසු චීනයද ප්‍රතිචාරයක් ලෙස ඇමරිකානු භාණ්ඩවලට තීරුබද්ද 84%ක් දක්වා ඉහළ නංවා ඇත.

මේ අතර, මෙම තීරුබදු පැනවීම හමුවේ ලොව බොහෝ රටවල් එම බදු ප්‍රතිශත සම්බන්ධයෙන් යළි සලකා බැලීමට ට්‍රම්ප් පාලනය ඉල්ලා සිටියා. ශ්‍රී ලංකා රජය විසින් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.