32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsචීන – කාම්බෝජ සබඳතා අලුත් වෙයි

චීන – කාම්බෝජ සබඳතා අලුත් වෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ කාම්බෝජයේ Norodom Sihamoni රජු අතර හමුවක් ඊයේ (17) කාම්බෝජයේ නොම් පෙන් නගරයේ දී සිදු වුණා.

Norodom Sihamoni රජු ඔටුනු පැළදීමේ 20 වැනි සංවත්සරය හා කාම්බෝජයේ සාම්ප්‍රදායික නව වසර නිමිත්තෙන් කාම්බෝජයේ නිල සංචාරයේ නිරත වීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වන බව පැවසූ ෂී ජින්පිං මහතා කාම්බෝජ ජනතාව වෙත නව වසරේ සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

කාම්බෝජයට අනන්‍ය වූ සංවර්ධන මාවතේ ගමන් කිරීමට චීනය ස්ථිරව සහාය දක්වන බවයි චීන ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ.

චීන මාදිලියේ නවීකරණය කාම්බෝජය ඇතුළු කලාපීය රටවල් වෙත වඩාත් පුළුල් අවස්ථා ලබා දිය හැකි බවට විශ්වාස කෙරෙනවා.

චීනය සමග එක්ව, ආසියන් සංගම් – චීන සහයෝගිතා, Lancang-Mekong සහයෝගිතා ඇතුළු බහුපාර්ශ්වික යාන්ත්‍රණය යටතේ සම්බන්ධීකරණයන් තහවුරු කිරීමටත් කලාපීය සාමය හා ස්ථාවරත්වය පොදුවේ සහතික කිරීමටත් තම රට සූදානම් බව ද Norodom Sihamoni රජු එහිදී කියා සිටියා.

එම හමුවේදී Norodom Sihamoni රජු ෂී ජින්පිං මහතා වෙත කාම්බෝජයේ ‘Grand Order of National Merit’ පදක්කම පිරිනැමීම විශේෂත්වයක්.