මහනුවර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 15,000කට අධික පිරිසක් අද (18 වැනිදා) සිට ලබන 28 වැනිදා දක්වා යොදවා ඇතැයි එම ආරක්ෂක අංශ බලධාරීහු පැවසූහ.
සියලු බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රථවාහන නිලධාරීන් මෙන්ම සිවිල් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.
මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවරට පැමිණෙන රථවාහන අද උදේ 6.00 සිට දළදා වන්දනාව අවසන් වනතෙක් මහනුවර නගරයට ඇතුළු වීම සීමාකර ඇති අතර, බැතිමතුන්ගේ වාහන නතර කිරීම සඳහා නගර සීමාවෙන් බැහැර ස්ථාන 6ක් පොලිසිය විසින් වෙන්කර තිබේ.
මේ අතර සිරි දළදා වන්දනාව සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝළිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පැවසීය.
සිරි දළදා වන්දනාව සඳහා එන බැතිමතුන්ගේ ආරක්‍ෂාව හා රථ වාහන හැසිර වීම ගැන ඊයේ (17 දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ කීය.