29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැබ් රථයක් අනතුරට පත් වී අටක් රෝහෙල්..

කැබ් රථයක් අනතුරට පත් වී අටක් රෝහෙල්..

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඉදිරිපත් කල බව වලපනේ තිරිපැහැ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

රාගල උඩුවාමාදුර ඥාති නිවසකට පැමිණි පිරිසක් ආපසු සියඹලාණ්ඩුව දක්වා ගමන් කිරිමේදි වලපනේ නිල්දණ්ඩාහින්න අඹන්වැල්ල ප්‍රදේශයේදි කැබ් රථය මාර්ගය හරහා පෙරලී මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය පැවසුවේ.

ධාවනය වෙමින් තිබූ කැබ් රථයේ හදිසියේ තිරිංග ක්‍රියාත්මක විම නිසා කැබ් රථය නතර කර ගැනීමට රියදුරා කැබ් රථය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි කන්දක ගැටීමට සලස්වා ඇති අතර, එම අවස්ථාවේ කැබ් රථය කන්දේ ගැටී ප්‍රධාන මාර්ගය හරහා පෙරලී මෙම අනතුර සිදු වී ඇත.