26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගලබඩ දියඇල්ලේ නාන්න ගිය තරුණයා අතුරුදන්

ගලබඩ දියඇල්ලේ නාන්න ගිය තරුණයා අතුරුදන්

නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයකු අතුරුදන් වී ඇතැයි නාවලපිටිය පොලීසිය පවසයි.

මෙසේ අතුරුදන් වී ඇත්තේ නාවලපිටිය වෙස්ටෝල් ඇතටන් ප්‍රදේශයේ පදිංචිව සිටි විජය කුමාර් ජැක්සන් (20) නමැති තරුණයෙකි.

අතුරුදන් වූ තරුණයා ඔහුගේ මිතුරන් සිවු දෙනකු සමඟ ඉකුත් 17 දින උදෑසන නිවැසියන්ට නොදන්වා දිය ඇල්ලට ඉහළින් වනාන්තරය මැදින් වැටී ඇති අතුරු මාර්ගයකින් අනවසරයෙන් දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

මරණකරු ගලබඩ දියඇල්ලේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ප්‍රවේශපත්‍ර ලබා නොගෙන මෙලෙස අනවසරයෙන් දියඇල්ලට ගොස් ඇතැයි ද සඳහන් වෙයි.

එසේ පැමිණ දියඇල්ල අසලම අනාරක්ෂිත ස්ථානයකින් දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන්ව ඇති බවද පොලිසිය කියයි.

අතුරුදන් වූ තරුණයා කොළඹ ප්‍රදේශයේ පොත් අලෙවිසලක සේවය කර සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුවට නිවසට පැමිණ මිතුරන් සමඟ විනෝද වීමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇතැයි වාර්තා වෙයි. සිරුර සෙවීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහයෝගය ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසීය.