24 C
Colombo
Tuesday, April 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅවුරුදු බස් සේවාවෙන් ලංගමයට මිලියන 1,760ක්

අවුරුදු බස් සේවාවෙන් ලංගමයට මිලියන 1,760ක්

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 10 සිට අද (22) දක්වා ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,760ක ආදායමක් උපයා තිබේ. පසුගිය 10 සිට ඊයේ (21) දක්වා අලුත් අවුරුදු බස් සේවාව ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පැවැසීය.

ඊයේ (21) මධ්‍යම රාත්‍රිය දක්වා අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක කර තිබූ බවද හෙතෙම කියා සිටියේය. එමෙන්ම පසුගිය 18 සිට මේ දක්වා මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගි වන සැදැහැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයි ද කියා සිටියේය. ඒ සඳහා කොළඹ මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 15කට ආසන්න සංඛ්‍යාවක් ද යොදවා ඇති බවද හෙතෙම කියා සිටියේය.