සිරි දළදා වන්දනාව අද (25) 08 වැනි දිනටත් පැවැත්වෙනවා.
ඒ අනුව දළදා වන්දනාව අද පෙරවරු 11ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා ඒ සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වෙනවා.
එහෙත් නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රට වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට ඊයේ (24) එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශාල සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.
දළදා වන්දනාව එළැඹෙන 27වනදා දක්වා පැවැත්වෙනවා.