25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසබරගමු සරසවියේ සිද්ධියට සිසුන් 4ක් අත්අඩංගුවට

සබරගමු සරසවියේ සිද්ධියට සිසුන් 4ක් අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන සම්බන්ධයෙන් අද (4) සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලීසිය වාර්තා කරයි.

මීට අදාළව, සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුන්ට නවක වදය ලබාදීම පිළිබඳ විමර්ශන CID වෙත භාර දී ඇත.

පසුගිය ජූලි 29 වන දින සමනළවැව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව, අගෝස්තු 2 වන දින නවක වදයට ලක්වූ සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කටයුතු කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (5) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.