28.3 C
Colombo
Tuesday, May 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආනයනය කළ ලුණු තොගයක් ලබන බදාදා දිවයිනට

ආනයනය කළ ලුණු තොගයක් ලබන බදාදා දිවයිනට

ආනයනික පළමු ලුණු තොගය ලබන බදාදා මෙරටට රැගෙන එන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළා.

හෙට දිනයේ මෙරටට ගෙන්වන ලුණු මෙට්‍රික් ටොන් 30,000ක තොගය නිකුත් කෙරෙන්නේ කර්මාන්ත ශාලා සඳහා පමණක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පුත්තලම සෝල්ඩ් ලිමිටඩ් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

මෙරට වාර්ෂික ලුණු නිෂ්පාදනයෙන් මෙම ආයතනය සියයට 60කට ආසන්න දායකත්වයක් සපයනවා.

ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය සදහා මාස 07ක පමණ කාලයක් ගතවන අතර පසුගිය කාලය තුළ අනපේක්ෂිත ලෙස ලැබුණු වර්ෂාව හේතුවෙන් ලුණු නිෂ්පාදනයේ අඩුවක් සිදුව ඇති බවයි එහි පැවති මාධ්‍ය හමුවේදී හෙලි කෙරුණේ.