25 C
Colombo
Thursday, June 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපවතින අධ්‍යාපන ක්‍රමය අදියරෙන් අදියර වෙනස් කිරීමට කටයුතු කරනවා 

පවතින අධ්‍යාපන ක්‍රමය අදියරෙන් අදියර වෙනස් කිරීමට කටයුතු කරනවා 

පාදුක්ක, බෝපේ රාජසිංහ මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අද (19) ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පවත්වා තිබෙනවා .

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සමඟ එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘විෂන්’ වැඩසටහන් මාලාවට සමගාමීවයි බෝපේ රාජසිංහ විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වුණේ .

මෙහි  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එක් වී තිබෙනවා .

ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් ඇමතූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ   රටක ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට නම් ක්‍රියාකාරී පුරවැසියන් බිහි කළ යුතු බවත්, සක්‍රීය පුරවැසියන් බිහි කිරීම රජයේ අරමුණ බවයි .

ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර පවතින සබඳතාව තවදුරටත් දියුණු කළ යුතු බවත්, පවතින අධ්‍යාපන ක්‍රමය අදියරෙන් අදියර වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා .

මේ අතර ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජික සාමාජිකාවන් යොමු කළ ප්‍රශ්නවලටද අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබා දී තිබෙනවා .

බෝපේ රාජසිංහ මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් හට අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය, පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධව දැනුම්වත් කිරීමක්ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී, නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් සිදුකර තිබෙනවා .

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයකු දිවුරුම් දීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමදසිදු කෙරුණ බවයි සඳහන් වන්නේ .

අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම සහ ලංකා බැංකු ගිණුම් විවෘත කිරීමද සිදු කර තිබෙනවා .

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එම්. එන්. කුමාරසිංහ, පාදුක්ක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නෙරංජි කුලරත්න, බෝපේ මහා විද්‍යාලයේ විදුහල්පති සරත් කුමාර, ජනාධිපති කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, මහජන සේවා නිලධාරී දුමින්ද වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු සහ ගුරු භවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී තිබෙනවා .