26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්තරන් ටී 56 එක්ක කාන්තාවක් දැලේ

රත්තරන් ටී 56 එක්ක කාන්තාවක් දැලේ

අද  (20) හයිලවල් මාර්ගයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දී  රත්‍රං ටී 56 ගිනි අවියක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එහි ආරක්ෂක නිලධාරියකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග කාන්තාවක් රැඳී සිටින බවට ලබා දුන් තොරතුරක් මත වැල්ලවත්ත පොලිසිය මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එම ගිනි අවිය රන් පැහැ ආලේප කරනලද ටී 56 වර්ගයේ ගිනි අවියකි . අත්අඩංගුවට පත් කාන්තාව එම මහල් නිවාස සංකීර්ණයේ පදිංචි වයස අවුරුදු68 ක තැනැත්තියකි.

එම ගිනි අවිය මෝටර් රථයක සිට නිවාස සංකීර්ණයට රැගෙන යමින් සිටියදී එම මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලික ආරක්ෂක නිලධාරියකු විසින් එම ගිනි අවිය හා අදාළ කාන්තාව ආරක්ෂක භාරයේ තබාගෙන පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසු වැල්ලවත්ත පොලිසිය මගින් අදාළ විමර්ශනය සිදුකොට ඇත. අදාල සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ වැල්ලවත්ත පොලිසිය මගින් ආරම්භ කොට ඇත.