28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeUncategorized2025 මැයි මාසයේ පළමු දින 18 තුළදී සංචාරකයින් 80,421ක් දිවයිනට

2025 මැයි මාසයේ පළමු දින 18 තුළදී සංචාරකයින් 80,421ක් දිවයිනට

2025 මැයි මාසයේ පළමු දින 18 තුළ දී 80,421 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 977,305ක් ලෙසයි.

වසරේ මේ දක්වා වැඩිම සංචාරක පිරිසක් පැමිණි රට ලෙස තවමත් ඉන්දියාව පෙරමුණේ පසුවන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 184,095ක් ලෙසයි.

දෙවනුවට වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ රුසියාවෙන් වන අතර එරටින් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 109,675ක් ලෙස වාර්තා වනවා.

මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 92,539ක්, ජර්මනියෙන් සංචාරකයින් 67,019ක් සහ ප්‍රංශයෙන් සංචාරකයින් 55,220ක් ලෙස මෙම වසරේ මේ දක්වා වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.