28.9 C
Colombo
Friday, June 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය අදයි

අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය අදයි

අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය අදට යෙදී තිබෙනවා.

ලොව ජෛවවිවිධත්වය කෙරෙහි එල්ල වී ඇති ගැටළු , අභියෝග තර්ජන මෙන්ම එහි වැදගත්කම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනුයි නම් කර ඇත්තේ.

“සොබාදහම සමඟින් තිරසර සංවර්ධනය” යන්න මෙම වසරේ ජෛවවිවිධත්වය සඳහා වූ අන්තර්ජාතික තේමාව වන අතර එමගින්  එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය, එහි තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ කුන්මින්ග් – මොන්ට්‍රියල් ගෝලීය ජෛවවිවිධත්ව රාමුවේ (Kunming Montreal Global Biodiversity Framework – KMGBF) ඉලක්ක අතර සම්බන්ධතා කෙරෙහි ගෝලීය අවධානය යොමු කර තිබෙනවා.

පෘථිවියේ සහ එහි ජීවීන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට, අනුගමනය කළයුතු මූලික ප්‍රතිපත්තිය තිරසාර සංවර්ධනය යන්න අවබෝධ කරගනිමින් ලොව නායකයන් විසින් 1992 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේදී පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව හෙවත් “මිහිකත සමුළුව” පවත්වනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජෛවවිවිධත්ව ප්‍රඳප්තිය බිහිවිය.

ඒ අනුව ශ්‍රී ලංකාව ද 1992 දී එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්ව සම්මුතියට අත්සන් තැබූ අතර එය 1993 දෙසැම්බර් 29 වන දින සිට බලාත්මක වී ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු එම සම්මුතියේ පාර්ශවකාර රටවල් මෙම අරමුණු සාක්ෂාත් කර  ගැනීම සඳහා ජාතික මට්ටමින් විවිධ ප්‍රතිපත්ති, උපායමාර්ග සහ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර වාර්ෂිකව විවිධ කාලෝචිත තේමාවන් ඔස්සේ ජෛවවිවිධත්ව සංරක්ෂණය සඳහා කටයුතු සිදු කරනු ලබනවා.

එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්වය පිළිබඳ සම්මුතියෙහි ජාතික කේන්ද්‍රස්ථානය ලෙස  පරිසර අමාත්‍යංශය කටයුතු කරන අතර ජෛවවිවිධත්ව අංශය එම සම්මුතියේ නියාමන කටයුතු සිදු කරනු ලබයි.

ඒ අනුව පරිසර සංචාරක ව්‍යාපාරය, සාම්ප්‍රදායික ආහාර, තිරසාර සංවර්ධනය සඳහා ප්‍රජා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම කේන්ද්‍ර කර ගනිමින් මෙවර ජෛවවිවිධත්වය සඳහා වූ ජාතික සැමරුම අද (22) දින දඹුල්ල පොපම් ආබරේටම් වන උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ  අනුව ජෛව විවිධත්ව දින වැඩසටහන අද දින පෙරවරු 09.00 ට  පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය  ඇන්ටන් ජයකොඩි, අමාත්‍යංශ ලේකම් කේ. ආර්. උඩුවාවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ජෛවවිවිධත්වය පිළිබඳ  මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා විසින් ද “ඌන භාවිත ආහාර බෝග  “ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මහාචාර්යය ගාමිණී පුෂ්පකුමාර මහතා විසින් ද දේශනයන් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන් ම මී මැසි පාලනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරාධිතයන් විසින් මී මැසි පෙට්ටි ප්‍රජාව වෙත ලබාදීමේ වැඩසටහනක්ද සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.