29.2 C
Colombo
Thursday, May 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගුරු පුරප්පාඩු ගැන දැනුම්දීමක්

ගුරු පුරප්පාඩු ගැන දැනුම්දීමක්

මේ වන විට ගුරු පුරප්පාඩු 40,000ක් පමණ ඇති බවත් මෙම වසර අග භාගය වන විට ඉන් යම් ප්‍රමාණයක් හෝ බඳවා ගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළාය. ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ ප්‍රමාදයට අධිකරණයේ පවතින නඩු කිහිපයක් බලපා ඇති බව ද ඇය පැවසුවාය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය ඒ බව සඳහන් කළාය.

අවසන් වූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අත්හිටුවූ සිසුන්ගේ පරීක්ෂණ ක්‍රියාවලිය අවසන්ව ඇති බැවින් ඒ පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දෙන බවත් එහිදී සුදුසුකම් ලබන සිසුන්ට විශ්වවිද්‍යාලවලට අයදුම් කිරීම සඳහා වන කාලය දීර්ඝ කරන බවත් අගමැතිවරිය සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරිය මෙසේ ද සඳහන් කළාය.

සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රජයේ පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 4,240යි. දෙමළ මාධ්‍යයේ 2,827යි. 6 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයෙන් 11,274යි. දෙමළ මාධ්‍යයේ 6,121යි. 2020-2022 ජාතික ශික්ෂණ විද්‍යා කණ්ඩායමේ ඩිප්ලෝමාධාරීන් සඳහා 2025.05.02 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3(1) (ආ) ශ්‍රේණියට ගුරු පත්වීම් දීම සිදු කළා. උක්ත බඳවා ගැනීම් මේ වන විට සිදු කර ඇති අතර, පහත බඳවා ගැනීම් සම්බන්ධව පනවා ඇති නඩු කටයුතු අවසක් වූ වහාම ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය. දිවයිනේ වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා ගුරු සහායකයන් බඳවා ගැනීමට අදාළව අංක 2389 හා 2024.06.14 දිනැති ගැසට් නිවේදනය නිකුත් කරන ලද අතර, ඊට අනුව 2024.08.12 දින පැවැත්වීමට නියමිතව තිබූ බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අභියාචනාධිකරණ නඩුවක් පැවරීම හේතුවෙන් අධිකරණය මඟින් 2024.08.09 වැනි දින අදාළ තරග විභාගය පැවැත්වීමට අතුරු තහනම් නියෝගයක් පනවා තිබෙනවා. එබැවින් එම නඩුව අවසන් වන තෙක් එම බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමේ හැකියාවක් නෑ.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට අදාළ අංක 2317 සහ 2023.01.27 දිනැති ගැසට් පත්‍රය අනුව බඳවා ගැනීම සඳහා කටයුතු කර ඇතත් එම ගැසට් පත්‍රයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුව හේතුවෙන් අතුරු නියෝගයක් මත විභාගය පැවැත්වීම තාවකාලිකව නතර කර ඇති බැවින් ඒ සඳහා ඉදිරියේදී ලැබෙන අධිකරණ තීන්දුව ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා, ඔබතුමියගේ පිළිතුර අනුව පේනවා විශාල ගුරු හිඟයක් සමස්ත රට පුරාම තිබෙනවා කියලා. ඒක කාලයක් තිස්සේ පැවතගෙන ආපු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස රජයේ විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් තිබෙනවා. පසුගිය අවුරුදු 2 තුළම බඳවා ගැනීම් සිදු වෙලා නෑ. අවුරුදු 2ක් තිස්සේ රජයේ විශ්වවිද්‍යාලවලින් උපාධිධාරීන් එළියට එනවා. නමුත් ඔවුන්ට අවස්ථාව ලැබිලා නෑ ගුරු වෘත්තියට එක්වෙන්න. මේ තියෙන ගුරු හිඟය මැඬපවත්වා ගන්න මේ රජයේ විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ට කවදා වගේ ද පත්වීම් දෙන්න බලාපොරොත්තු වෙන්නේ?

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය,

මේක බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මුළු ගුරු පුරප්පාඩුව 40,000ක් විතර වෙනවා මේ වන විට. යම්කිසි නඩු නිසාත් අපිට බඳවා ගැනීමේ බාධාවක් ඇති වෙලා තිබෙනවා. මේවා අපි ඉතාමත්ම ඉක්මනින් උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළට යන්න යෝජනා කරලා තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නිර්දේශ කිහිපයක් දීලා තිබෙනවා. මේ අවුරුද්දේ අග භාගය වන විට පුරප්පාඩු ප්‍රමාණයක් හරි පුරවා ගැනීමට බඳවා ගන්න බලාපොරොත්තු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා,

පසුගිය මාසයේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. එහිදී ළමුන් 456ක වගේ සමහර විෂයන් සම්බන්ධව ප්‍රතිඵල අත්හිටුවලා තිබෙනවා කුමක් හෝ හේතුවක් නිසා. මේ මාසයේ 29 වැනිදාට කලින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන අයට අයදුම් කරන්න කියලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දීලා තියෙනවා. ඒ කාලය දවස් 07කින් වගේ අවසන් වෙනවා. වහාම මේ සම්බන්ධව මැදිහත්වෙලා එක්කෝ අයදුම්පත් කැඳවන කාලය දීර්ඝ කරන්න ඕනෑ, නැත්නම් ප්‍රතිඵල ඉතා ඉක්මනින් නිකුත් කරන්න.