30 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

ගල්කිස්ස ප්‍රදේශයේ ස්ථාන 03කදී පොලීසිය විසින් සිදුකළ වැටලීම් වලදී හෙරොයින් ලග තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස, ජබොස්ලේන් ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රාහුල පාර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

එමෙන්ම රත්මලාන දුම්රියපොළ අසල දී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

සැකකරුවන් 32,39 හා 54 වයස්වල පසුවන මොරටුව, රත්මලාන හා ගල්කිස්ස යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.