27.5 C
Colombo
Thursday, May 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජොන්ස්ටන්ට එරෙහි නඩුව ජුනි 04 කැඳවයි

ජොන්ස්ටන්ට එරෙහි නඩුව ජුනි 04 කැඳවයි

සතොස සේවකයන් සිය නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කර හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ ඊයේ (26ද) සිදු විය. සමුපකාර, අභ්‍යන්තර සහ වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් 2012 වසරේ දී සතොස ආයතනයේ සේවකයන් නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන කටයුතුවල යොදවා වැටුප් හා දීමනා ලෙස රුපියල් 86,47,224ක මුදලක් ගෙවීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබේ.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ හා දණ්ඩ නීති සංග්‍රහයේ 113, 102 වගන්ති යටතේ දූෂණය නමැති වරදට හා එයට අන් අය පෙලඹවීමේ චෝදනාව යටතේ අධිචෝදනා 4ක් යටතේ නඩු පවරා ඇත.

සමුපකාර, අභ්‍යන්තර සහ වෙළෙඳ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව පී. එරාජ් ට්‍රියන්ත ප්‍රනාන්දු සහ කේ.එම්. මොහොමඩ් ෂාකීර් යන මහත්වරු මෙම නඩුවේ සෙසු චුදිතයෝ වෙති. නඩුව ලබන ජුනි 4දා යළි කැඳවේ.