30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් ප්‍රතිශෝධනය කෙරේ 

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් ප්‍රතිශෝධනය කෙරේ 

2025 මැයි මස 21 වැනි දින පැවති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආහාර සඳහා අය කරනු ලබන ගාස්තු ප්‍රතිශෝධනය කිරීමට ගනු ලැබූ තීරණය නැවත සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් පසුගියදා (23) එම කාරක සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එම කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් පහත දැක්වෙන අයුරින් 2025.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2500ක් වන පරිදි අයකිරීමට තීරණය කෙරුණා.

තවද පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති,අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට ද කාරක සභාව විසින් වැඩිදුරටත් තීරණය කළා.

මෙම මිල ගණන් ප්‍රතිශෝධනය කිරීම, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සපයනු ලබන ආහාරවල පිරිවැය ආවරණය කිරීම සම්බන්ධව භාණ්ඩාගාරය විසින් කරනු ලබන නිර්දේශ පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරනු ලබන ඉල්ලීම මත වසර තුනකට වරක් ගනු ලබන තීරණයකි.

මෙම ගෘහකාරක සභාව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයන්ගෙන් සංයුක්ත වන කාරක සභාවක් වෙනවා.