එක්සත් ජාතික පක්ෂය විනාශ කරන භූතයෝ දෙන්නෙක්ගේ ප්‍රාණ ඇපකරුවකු බවට රනිල් වික්‍රමසිංහ පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවැසීය. විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය. මේකෙ තියෙන්නේ දෙන්නා ආරක්ෂා කරනවාද, එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරනවාද යන ප්‍රශ්නය බව හෙතෙම කීවේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
මම එක්සත් ජාතික පක්ෂයේ හැඟීම් බරව හැම වෙලාවෙම කතා කළාට, අවුරුදු 27ක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කතා කළාට නායකයෙක් වශයෙන් රනිල් වික්‍රමසිංහ තවම හිටියාට මම කිවුවා අර භූතයෝ දෙන්නා මේ පක්ෂය නැති කරනවා කියලා. මම ඉතාමත් හැගීම් බරව කියන්නේ.
අපිව මෙතනින් පන්නන්න හදන එක අපිව මෙතන ජ්‍යෙෂ්ඨත්වයෙන් පන්නන්න හදන එක නේද දැන් පේන්න තියෙන්නෙ. ඇයි අද රුවන්, ඇයි අද නවීන්, ඇයි අද මේකෙ ඉන්න හරීන්ලා මනූෂලා, ඇයි තලතලා, ඇයි මේකෙ අකිලල ඇයි ඔක්කොම නිශ්ශබ්ද වෙන්නේ. ඒගොල්ලන්ට කොන්දක් නැද්ද නැඟිටලා කතා කරන්න. මේ සුළු පොඩි ඡන්දයක්, ඒ සුළු ඡන්දෙ තුළිනුත් පෙනුනා සැබෑ තත්ත්වය. කොළඹ නිදසුනක් වශයෙන් ගන්න. 2018 මම කොළඹ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කරන කොට ඒ සුළු ඡන්දයට 69කින් අපි 67ක් ජයග්‍රහණය කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණා.
එදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තනියෙන් මේකෙ කවුන්සිල් එක හදන්න පුළුවන් හැකියාව තිබුණා. ඒත් අද 13කට අඩුවෙලා තියෙන්නේ.
අද ඒ ගෙන එන ආකාරය, අපට හිරිහැර කරන්න ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට මේ ප්‍රශ්නය ඇති කරන එක අද කතා කරන්නම තිබෙනවා. මොකද මේක තුළ අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරන දෙන්නෙක්ගෙ රැකවරණය දෙන්න ගිහිල්ලා අපේ පක්ෂය නැති කරන්න ඉඩ දෙන්න එපා. රනිල් වික්‍රමසිංහ නායකතුමාගෙන් අපි ඉල්ලන්නේ ඔබතුමාගේ අභ්‍යන්තරය දන්නවා. මේ කරන ඉල්ලීම සැබෑ යු.එන්.පී. කාරයෙක් වශයෙන් මම ඉල්ලන්නේ. අපි ඔක්කොම එකතු වෙන්න තියෙන වෙලාවක්. ඒ වගේම අනිත් පක්ෂත් එක්ක වැඩ කරන්න පුළුවන් හැකියාව ඇති කරන්න පුළුවන් වෙලාවක්.