29 C
Colombo
Thursday, May 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොහොර සහනාධාරය ගැන දැනුම්දීමක්

පොහොර සහනාධාරය ගැන දැනුම්දීමක්

පොහොර සහනාධාරය නිසි කාලයට නිසි පුද්ගලයින්ට පමණක් හිමි විය යුතු බව කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් ඇතුළු ඉහළ නිලධාරීන් අතර පසුගියදා (26) ගොවිජන මන්දිර පරිශ්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

මෙහිදී අදාළ අමාත්‍යාංශවල වත්මන් තත්ත්වය ඒ ආශ්‍රිතව පැන නඟින ගැටලු සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡාවට ලක්වුණා.

රට පුරා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 35%ක හිඟයක් පවතින බවත්, එම හේතු‍ව නිසා පොහොර සහනාධාරයේ දත්ත ලැබීම ප්‍රමාද වීමෙන් පොහොර සහනාධාර මුදල් ලැබීම ප්‍රමාද වන බව ද මෙහිදී අනාවරණය වුණා.

කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශවල කාර්යයන් සිදු කිරීමේදී ප්‍රායෝගික භාවිතය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ද අමාත්‍යවරයාමෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා පැවසුවේ මාත්‍යාංශය විසින් යම් චක්‍රලේඛයක් හෝ ගැසට් නිවේදනයක් පළ කරන්නේ නම්, රටේ තත්ත්වය මෙන්ම පවතින වටපිටාව පිළිබඳ අවබෝධයෙන් එය සිදු කළ යුතු බවයි.

ප්‍රමාදයකින් තොරව මහජනයාගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමේ වැදගත්කම ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරුණා.