29 C
Colombo
Thursday, May 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමර්වින්ට අධිචෝදනා බැංකු ගිණුම් 48යි

මර්වින්ට අධිචෝදනා බැංකු ගිණුම් 48යි

කම්කරු හා මහජන සම්බන්ධතා ඇමැතිවරයා ලෙස කටයුතු කළ වසර දෙකක කාලය තුළදී සිය නීත්‍යනුකූල ආදායම් මාර්ගවලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුක්ත දේපොළ, වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යෑමේ චෝදනාව යටතේ හිටපු ඇමැති මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම ඊයේ (27) කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු පවරන ලදි.

2010 වසරේ මාර්තු මස 31 වැනිදා සහ 2012 වසරේ මාර්තු මස 31 වැනිදා අතර කාලසීමාව තුළදී රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල පවත්වාගෙන ගිය ගිණුම් 48ක් මඟින් එම දේපොළ, යාන වාහන මිලදී ගැනීම, ඒවායේ හිමිකාරීත්වය දැරීම, ණය පියවීම සඳහා අදාළ ගිණුම්වල මුදල් භාවිත කිරීම ඇතුළු අධිචෝදනා යටතේ අල්ලස් පනතේ 23 (අ) අ වගන්තිය යටතේ වගඋත්තරකරුට එරෙහිව නඩු පවරා තිබේ.

කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිල දී ගැනීම සඳහා එක්කෝටි තිස්නවලක්ෂ අනූනවදාහක මුදලක් වැය කර ඇති අතර කොළඹ, කුරුඳුවත්තේ අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත්කෝටි දහතුන් ලක්ෂ අනූනවදහසක මුදලක් හිටපු ඇමැතිවරයා විසින් වැය කර තිබෙන බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වේ.

මෙයට අමතරව ඔහුගේ පුත්‍රයා වන මාලක සිල්වා නමැත්තා වෙනුවෙන් ‘මර්සිඩීස් බෙන්ස්‘ රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි විසිතුන් ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් වැය කර ඇති බව සහ ‘හයි හුන්ඩායි‘ මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා රුපියල් ලක්ෂ පනස් පන්දහසකට අධික මුදලක් සහ ‘ඩිපෙන්ඩර් රථයක්‘ මිලදී ගැනීම සඳහා අසූඅට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යනුකූල ආදායමට අමතරව දේපොළ අත්පත් කර ගැනීමෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම නඩුව ගොනුකර තිබේ. අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ අත්සනින් අධිචෝදනා දෙකක් යටතේ නඩු පැවරීම සිදු කර ඇත.