28.4 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙවර ජගත් පරිසර දින සැමරුම නව අරුතකින්

මෙවර ජගත් පරිසර දින සැමරුම නව අරුතකින්

ජගත් පරිසර දින සැමරුම ජුනි මස 05 වන දිනට යෙදී ඇති අතර ඊට සමගාමීව 2025.05.30 දින සිට 2025.06.05 දින දක්වා පරිසර සතියක් නම් කර තිබෙනවා.

ඒ අනුව ජාතික පාරිසරික දින උත්සවය පදනම් කරගෙන පැවැත්වෙන පරිසර සතියට අදාළ වැඩසටහන් සම්බන්ධ අදහස් ලබා ගැනීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරිසරවේදීන්ගේ හමුවක් පසුගියදා (25) පරිසර අමාත්‍යංශයේ ශ්‍රවණගාරයේ දී පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා ලංකාවේ පරිසරවේදීන් රැසක් සම්බන්ධ වූ අතර මීට පෙර පවත්වන ලද පරිසර දිනවලට වඩා වෙනස් අයුරකින් මෙවර පරිසර දිනය පැවැත්වීම සඳහා පරිසරවේදීන් විසින් අදහස් පළ කරන ලද අතර එම අදහස් ලබා ගනිමින් මෙවර පරිසර දිනය සැමරීමට සහ ඊට අදාළ වැඩසටහන් සංවිධානය කිරීමට අමාත්‍යවරුන් එහිදී එකඟත්වය ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙම වසර තුළ පැවැත්වීමට නියමිත පරිසර දිනය පරිසර හිතකාමී ව්‍යාපෘතිවල ආරම්භක දිනයක් ලෙසත් ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට නව වනාන්තර එකතු කරන දිනයක් ලෙසත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.