31 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය සේවයට 15000ක් බඳවා ගැනීමට අවසර

රාජ්‍ය සේවයට 15000ක් බඳවා ගැනීමට අවසර

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ් අනුව අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මඟින් රේඛීය අමාත්‍යාංශ 18ක පළාත් සභා 4ක සහ විශේෂ වියදම් ඒ්කක 2ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීමට නිර්දේශ කර ඇත.

ඒ් අනුව අදාළ වාර්තා මඟින් නිර්දේශීත බඳවා ගැනීමට සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.