28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිය අනතුරු දෙකකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

රත්නපුර – පානදුර මාර්ගයේ ඉඩංගොඩ ප්‍රදේශයේදී පානදුර දෙස සිට රත්නපුර දෙසට යකඩ ඇඳක් සහිත භාණ්ඩ පටවාගෙන ධාවනය වූ කැබ් රථයක ගැටී ඊයේ (27) සවස සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පදිකයා, කිරිඇල්ල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 78ක් වූ එපිටවල, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

මරණකරු මාර්ගයේ දකුණු පසින් ගමන්කරමින් සිටියදී එම දෙසටම ගමන් කළ ඉහත කැබ් රථයේ පටවාගෙන යන ලද යකඩ ඇඳ ගැටී මෙම අනතුර සිදුව ඇති බවට කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

අනතුරට සම්බන්ධ කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කිරිඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර ග්‍රෑන්ඩ්පාස්හි වේල්ස් කුමාර මාවත ඉදිරිපිටදී ඉඟුරුකඩේ හංදිය දෙස සිට ආමර් බාබර් හංදිය දෙසට ධාවනය වූ ප්‍රයිමුවර් රථයක කාන්තාවක් ගැටී ඊයේ (27) සවස සිදු වූ තවත් අනතුරකින් එම කාන්තාව මිය ගොස් ඇත.

මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර‍, මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි.

අනතුරට සම්බන්ධ ප්‍රයිමුවර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.