27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා යතුරුපැදි බලකායක්

පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා යතුරුපැදි බලකායක්

පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහා ස්ථානගතවීමට හැකි යතුරුපැදි බලඝනයක් රාජකාරියේ යෙදවීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහා ස්ථානගතවීමට හැකි පරිදි මෙන්ම සාමය කඩවන ආකාරයේ සිදුවන යම් අපරාධයක් වැළැක්විය හැකි ක්ෂණික ළඟාවීමක්, අවි බලයක් සහිත පොලිස් කණ්ඩායම් ක්ෂේත්‍රයට මුදාහැරීම දකුණු පළාතට කාලෝචිත අවශ්‍යතාවයක් බව හඳුනාගෙන තිබුණා.

ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මූලිකත්වයෙන් විශේෂිත සංවිධානත්මක යතුරුපැදි බලඝනයක් රාජකාරි යෙදවීමට පියවරගෙන තිබෙනවා.

එයට තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් සහ මාතර පොලිස් කොට්ඨාසයෙන් එක්කල සංග්‍රාමික යතුරුපැදි 8 ක්, Highway යතුරුපැදි 15ක් ඇතුළත් අතර, නිලධාරීන් 46ක පමණ ප්‍රමාණයක් අනුයුක්තව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ව දැනුවත් කිරීමේ හමුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සහ හම්බන්තොට සහ මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්තද සොයිසා මහතා, ගාල්ල සහ ඇල්පිටිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතා, මාතර පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහතා සහ තංගල්ල කොට්ඨාස භාර උපුල සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වුණා.