27.8 C
Colombo
Thursday, May 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශකී­රාගේ ප්‍රසං­ග­යෙන් නිව්ජර්සි ප්‍රාන්තයේ පැතිර ගිය රෝගය

ශකී­රාගේ ප්‍රසං­ග­යෙන් නිව්ජර්සි ප්‍රාන්තයේ පැතිර ගිය රෝගය

රසික රසි­කා­වියෝ අසූ­දෙ­ද­හ­සක් එක්වූ ශකී­රාගේ ප්‍රසං­ග­යෙන් නිව්ජර්සි ප්‍රාන්තයේ සරම්ප පැති­රීමේ අව­දා­න­මක් අමෙ­රි­කාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ පැවැති ලෝක පොප් ගීත ක්ෂේත්‍රයේ සුපිරි ගායි­කා­වක වන ශකී­රාගේ නව­තම ගීත ප්‍රසං­ගය නැරැ­ඹී­මට ගිය පුද්ග­ල­ය­කුට සරම්ප රෝගය ආසා­දි­තවූ බව තහ­වුරු වීමෙන් පසු එම ප්‍රසං­ග­යට සහ­භා­ගිවූ දහස් සංඛ්‍යාත ජන­තාව අතර සරම්ප රෝග වසං­ග­ත­යක් ව්‍යාප්ත වීමේ අව­දා­න­මක් මතුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රසික රසි­කා­වි­යන් 82,000ක් පමණ සහ­භාගි වූ බව කියන ශකී­රාගේ ගීත ප්‍රසං­ගය නැරඹූ සරම්ප රෝග ආසා­දි­තයා තහ­වුරු වීමත් සමඟ නිව්ජර්සි ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව අන­තුරු ඇඟ­වීමේ නිවේ­ද­න­යක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. අදාළ රෝගියා නිව්ජර්සි ප්‍රාන්ත වැසි­යකු නොවන බැවින් එම ප්‍රාන්තය තුළ රෝගය ව්‍යාප්ත­වීමේ අව­දා­නම ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ. නිව්ජර්සි සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව එම සංගීත ප්‍රසං­ග­යට සහ­භා­ගි­ වූ­වන්ට උප­දෙ­ස්මා­ලා­වක් නිකුත් කර ඇති බවත්, ජූනි මස 6 වැනිදා වන­විට රෝග ලක්ෂණ මතු­විය හැකි බැවින් අව­ධා­න­යෙන් පසු­වන ලෙසත්, ප්‍රසං­ගය පැවැති පසු­ගිය 20 වැනිදා පස්වරු 7.00 සිට අලු­යම 1.00 දක්වා අතර කාලය තුළ ප්‍රසංග භූමියේ රැඳී සිටි පුද්ග­ල­යන්ට සරම්ප රෝගය ආසා­ද­නය වීමේ අව­දා­නම වැඩි බැවින් එවැනි පුද්ග­ල­යන් එම උප­දෙ­ස්මා­ලාව අනු­ග­ම­නය කළ යුතු බව ද දැනුම් දී ඇතැයි වාර්තා වේ.