29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජර්මනියේ නිල සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත්වෙයි

ජර්මනියේ නිල සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත්වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) රාත්‍රියේ ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරතවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සංචාරය සිදුවන්නේ ජර්මානු ජනාධිපති ෆෑන්ක් වෝල්ටර්ගේ ආරාධනාව පරිදී ය.

හෙට (11) සිට ජුනි 13 දක්වා පැවතෙන මෙම සංචාරය තුළ ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් ඉහළ පෙලේ නියෝජිතයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල යෙදෙනු ඇත.

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද ජනාධිපතිවරයා සමග එක්ව සිටී.

පිරිස අද රාත්‍රී 08.33ට දෝහා වෙත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-655 දරන ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර, එතැන් සිට තවත් ගුවන් යානයකින් ජර්මනිය වෙත ගමන් කරනු ඇත.