25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරපුර බන්ධනාගාර අධිකාරි දුම්බර හිරගෙදරට

අනුරපුර බන්ධනාගාර අධිකාරි දුම්බර හිරගෙදරට

රක්ෂිත බන්ධනාගාරගත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න දුම්බර බන්ධනාගාරයේ රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. ඔහු බන්ධනාගාරගත කළ යුතු වන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ වුවත් ඔහුගේ ජීවිත ආරක්ෂාව ගැන සලකා දුම්බර බන්ධනාගාරයේ රඳවා තිබේ.

සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා දුම්බර බන්ධනාගාරයේ කිසිදු සිරිකරුවකු නොමැති වෙනම වාට්ටුවක රඳවා ඇතැයි වාර්තා වේ.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු අනීතිකව නිදහස් කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශන යටතේ එම බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන පෙරේදා (09) අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අධිකරණය නියෝග කළේ සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා අද (11) තෙක් බන්ධනාගාරගත කරන ලෙසයි.