ඉකුත් 2005 වසරින් පසුව පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයකු මෙරට සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් මේ මස 15 සහ 16 යන දෙදින මෙරට සංචාරයක නිරතවීමට නියමිතය.
මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීම: ණය සහ පාලනය’ යන සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙසද ඇය සහභාගි වේ. මෙම සමුළුව මෙමස 16 වැනිදා පැවැත්වේ.
මෙම සමුළුවේදී සාර්ව ආර්ථික ස්ථායිතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් මෙරට අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරේ.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සබඳතා පිළිබඳව ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට මෙම සංචාරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරිය විසින් සාකච්ඡා කිරීමට නියමිතය.