27.2 C
Colombo
Thursday, June 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට

හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි  2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කේ.පී. එල් චන්ද්‍රලාල් මේ පිළිබඳව සඳහන්කර සිටියා. 

මෙය ඉතා සාධාරණ තීරණයක් බවයි සභාපතිවරයා පවසා සිටියේ. 

මේ මස පළමු වැනිදා සිට විදුලි ගාස්තු සියයට 18.3කින් ඉහළ නැංවීමට අදාළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත පසුගියදා යොමු කරනු ලැබුවා.

 ඒ පිරිවැය ආවරණය වන පරිදි කඩිනමින් විදුලි ගාස්තු ගැලපීමක් සිදු කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබූ පසුබිමකයි. 

ඊට අදාළව දිස්ත්‍රික් මට්ටමින් මහජන අදහස් විමසීම පසුගිය දිනවලදී සිදු කරනු ලැබුවා.