සෞඛ්‍ය අමාත්‍යාංශයට නාමිකව පත්වීම් දී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිත කරමින් රජයට පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙසේ සේවිකාවක් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (11) නියෝග කළාය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙසක සේවිකාවක වශයෙන් කටයුතු කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුබසිංහ පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තිය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
2025.06.11 වැනි දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.
ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයන් වශයෙන් තම හිතවතුන් කිහිපදෙනකුට පත්වීම් දී ඔවුන් වෙත අමාත්‍යාංශයෙන් ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා තම පෞද්ගලික වියදම් සහ දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් පාඩුවක් කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල සහ ඔහුගේ පුත් සහ මහජන සම්බන්ධීකාරක ලේකම් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර තිබේ.