26.1 C
Colombo
Friday, June 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොවි­ඩ්ව­ලට අනිසි බියක් එපා – විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

කොවි­ඩ්ව­ලට අනිසි බියක් එපා – විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේ­ද­යක් ව්‍යාප්ත වීමේ අව­දා­න­මක් නොමැති නිසා අනිසි බියක් ඇති කර ගැනී­මට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ජන­තා­වට දැනුම් දෙයි.

වසං­ගත රෝග විද්‍යා අංශයේ දත්ත පද­නම් කර ගනි­මින් ඒ මහතා මෙම නිවේ­ද­නය නිකුත් කර තිබේ.

පසු­ගිය සති කිහි­ප­යේදී ආසි­යානු රට­වල් කිහි­ප­යක COVID – 19 ආසා­දි­ත­යන් සංඛ්‍යාවේ ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවත් මෙම තත්ත්වය යටතේ ප්‍රජාව තුළ රෝග­යට මුහු­ණ­දීමේ ඇති හැකි­යාව අඩු වීම ඇතුළු සාධක කිහි­ප­යක් හේතු විය හැකි බවත් මෙය සැල­කි­ල්ලට ගනි­මින් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය ජාතික මට්ට­මින් සූදා­නම් වීම සහ මහ­ජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පිය­වර තීව්‍ර කර ඇති බවත් අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා නිකුත් කළ එම නිවේ­ද­නයේ සඳ­හන් වේ.

ලේක­ම්ව­ර­යාගේ නිවේ­ද­න­යට අනුව COVID – 19 සඳහා සාය­නික සාම්පල පරීක්ෂා කරනු ලබන ඒකා­බද්ධ ශ්වසන ආවේ­ක්ෂ­ණය රට පුරා තෝරා­ගත් රෝහ­ල්වල අඛ­ණ්ඩව සිදු­වෙ­මින් පවතී. එමෙන්ම ආවේ­ක්ෂ­ණ­යට අනුව දැනට COVID-19 රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් නොක­රයි. තවද ශ්‍රී ලංකාවේ ඇති විය හැකි වසං­ගත තත්ත්ව­යන් කල් තියා හඳුනා ගැනී­මට අවශ්‍ය රසා­ය­නා­ගාර ආවේ­ක්ෂණ පද්ධ­තිය ද සක්‍රි­යව ක්‍රියා­ත්මක වන බව නිවේ­ද­නයේ දක්වා ඇත.

කලින් කලට විවිධ ශ්වසන රෝග මෙන්ම, COVID-19 රෝගීන්ගේ වැඩි වීමක් ඇති විය හැකි බව ද දැනට සාමාන්‍ය ජන­තා­වට ඇති අව­දා­නම අඩු මට්ට­මක පව­තන බව ද කෙසේ වෙතත් වැඩි­හි­ටි­යන්, ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය අඩු පුද්ග­ල­යන් සහ නිද­න්ගත රෝග ඇති පුද්ග­ල­යන් වැනි වැඩි අව­දා­න­මට ලක්විය හැකි කණ්ඩා­යම් කෙරෙහි විශේෂ අව­ධා­න­ය­කින් සිටීම වැද­ගත් බව ද එම නිවේ­ද­නයේ සඳ­හන් කර ඇත.

නිතර අත් සේදීම, කැස්ස සහ කිවි­සුම් යන විට නාසය සහ මුඛ ආව­ර­ණය කිරීම ඇතුළු මූලික සනී­පා­ර­ක්ෂක පිළි­වෙත් සහ ශ්වසන ආචාර විධි නිර­න්ත­ර­යෙන් පව­ත්වා­ගත යුතු බව ද එම නිවේ­ද­නයේ සඳ­හන් කර තිබේ. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් නිවැ­රදි සහ කාලීන තොර­තුරු මහ­ජ­න­තා­වට ලබා­දීම සඳහා මනා සූදා­න­ම­කින් පසු­වන අතර, ඇති විය හැකි වසං­ගත තත්ත්ව­යන්ට මුහුණ දීම සඳහා රෝහල් පද්ධ­තිය ද සූදා­නම් කර ඇත.

COVID-19 තත්ත්වය කාල­යත් සමඟ සිදු­වන වෙන­ස්කම් පිළි­බඳ සෞඛ්‍ය බල­ධා­රීන් අව­ධා­න­යෙන් සිටින අතර, ඔවුන් නිල වශ­යෙන් ලබා­දෙන තොර­තුරු කෙරෙහි පම­ණක් අව­ධා­නය යොමු කරන ලෙස ද සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලා සිටියි.