28.9 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි බිල වැඩි කිරීම ජන­ව­රම පාවා­දී­මක්

විදුලි බිල වැඩි කිරීම ජන­ව­රම පාවා­දී­මක්

විදුලි ගාස්තු 15%කින් වැඩි කිරීම ජන­ව­රම පාවා­දී­මක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කළේය.

විදුලි ගාස්තුව 15%කින් ඉහළ දම­න්නට රජය කට­යුතු කර ඇති බවත් මහ­ජන උප­යෝ­ගීතා කොමි­සම මෙම තීර­ණය ගෙන ඇත්තේ රජය සහ විදුලි බල මණ්ඩ­ලය සිදු කරන ලද යෝජ­නා­වක් අනුව බවත් මේ විදුලි ගාස්තු වැඩි කිරීම ජන­ව­රම පාගා දැමී­මක් සහ ජන­තා­වගේ හඬට ඇහු­ම්කම් නොදී­මක් මෙන් ම මෙරට ජන­තාව රැව­ටී­මක් බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කිරිම ගැන ඊයේ (11) විශේෂ ප්‍රකා­ශ­යක් සිදු කර­මිනි.

විදුලි ගාස්තු වැඩි කරන ලද්දේ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ඊළග වාරි­කය ලබා ගැනී­මට බවත් විස්තී­රණ ණය පහ­සු­කම ලබා දීමට නම් විදුලි ගාස්තු වැඩි කරන ලෙසට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල කොන්දේසි දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සඳ­හන් කරයි.

මාලි­මාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙර­මුණ සිය මැති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකා­ශය හරහා නව අයි එම් එෆ් ගිවි­සු­ම­කට, එක­ග­තා­ව­කට ප්‍රවේශ වන බවට පැව­සු­වත් බලය ලැබුණු විග­සම පැවති රජයේ අයි එම් එෆ් ගිවි­සුම අකු­රක් නැර ඉදි­රි­යට ක්‍රියා­ත්මක කර­මින් ජන­ව­රම පාවා­දෙ­මින් ජන­ව­රම උල්ලං­ඝ­නය කර­මින් ජන­ම­ත­යට පයින් ගසා ඇති බවත් ඔහු වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.