28.9 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

ඔවුන් මෙම ප්‍රහාර නම් කර ඇත්තේ ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙසය.

ඉරානයේ ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයකින් පිපිරීම් වාර්තා වී ඇතැයි එරට මාධ්‍ය විසින් ද තහවුරු කර තිබේ.

ඉරානය ඊට නිසැකව ප්‍රතිචාර දක්වනු ඇති බැවින් රටටම හදිසි තත්ත්වයක් නම්කර පාසල් ඇතුළු සියලු සේවා අත්හිටුවා ඒකරාශීවීම්ද තහනම් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් අමෙරිකාව පවසා ඇත්තේ, තමන් කිසිලෙසක මෙම ප්‍රහාරයට ආධාර හෝ අනුබල නොදුන් බවය.