30 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදයාගේ ආය­තන 3ක් වෙන්දේ­සි­ කරයි

දයාගේ ආය­තන 3ක් වෙන්දේ­සි­ කරයි

හිටපු රාජ්‍ය ඇමැති දයා ගමගේ මහ­තාට අයත්ව තිබූ බව කියන ආය­තන තුනක් ප්‍රසි­ද්ධියේ වෙන්දේසි කිරී­මට කොළඹ වාණිජ මහා­ධි­ක­ර­ණය තීන්දු කර තිබේ.

ඒ අනුව දයා ගෲප් ලිමි­ටඩ්, දයා ඇප­රල් එක්ස්පෝ­ටර් (ප්‍රයි­වට්) ලිමි­ටඩ්, ඔලි­ම්පස් කන්ස්ට්‍ර­ක්ෂන් ප්‍රයි­වට් ලිමි­ටඩ් යන ආය­තන ලබන ජූලි 2 දා උදෑ­සන 10ට ප්‍රසි­ද්ධියේ වෙන්දේසි කිරී­මට කොළඹ වාණිජ මහා­ධි­ක­ර­ණය තීන්දු කර ඇත. කොළඹ වාණිජ මහා­ධි­ක­ර­ණයේ රෙජි­ස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් පුව­ත්ප­ත්වල ප්‍රසිද්ධ දැන්වී­මක් පළ කර­මින් මෙම දැනුම් දීම කර ඇත.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමා­ග­මට අය­විය යුතු දස කෝටි හත­ළිස් දෙලක්ෂ විසි­නව දහස් තුන්සිය හත­ළිස් දෙකක (104,229,342) මුද­ලක් අය­කර ගැනීමේ අර­මු­ණෙන් මෙලෙස ප්‍රසිද්ධ වෙන්දේසි කිරී­ම­කට තීන්දු කර තිබේ. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමා­ග­මට අය විය යුතු දස­කෝටි අසූ­තුන් ලක්ෂ නව­ද­හස් තුන්සිය හත­ළිස් දෙකක (108,309,342) මුද­ලින් රුපි­යල් හත­ළිස් ලක්ෂ අසූ­දා­හක (4,080,000) පමණ මුද­ලක් වග­උ­ත්ත­ර­ක­රු­වන් විසින් ගෙවා ඇති නිසා ඉති­රිය අය කර­ගැ­නීමේ අර­මු­ණින් මෙලෙස වෙන්දේසි කරන බව දැනුම් දී තිබේ.

කොළඹ වාණිජ මහා­ධි­ක­ර­ණය විසින් 2022 වසරේ දී මේ තීන්දුව ප්‍රකාශ කර ඇති අතර දේපොළ වෙන්දේසි කිරීම වසර තුන­කට පසුව මේ අනුව ජුලි 2 දා ක්‍රියා­ත්මක කෙරේ.