30 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදෙස්ගත කොටි හිතවාදීන් යළි හිස ඔසවමින් සිටිනවා

විදෙස්ගත කොටි හිතවාදීන් යළි හිස ඔසවමින් සිටිනවා

රට අභ්‍යන්තරයේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශාල තර්ජනයක් පෙනෙන්නට නැතත් විදේශයන්හි එල්.ටී.ටී.ඊ හිතවාදීන් හිස ඔසවමින් සිටින බවක් පෙන්නුම් කරන බව යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) අරුණ වන්නිආරච්චි අවධාරණය කරයි.

එල්.ටී.ටී.ඊ, හිතවාදී ඩයස්පෝරාවේ කටයුතු වැඩිවී තිබීමත් විදේශීය රටවල සහාය රාජ්‍ය මට්ටමින් ඔවුන්ට ලැබෙමින් තිබීමත් හමුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රජයේ ඉහළම තනතුරු දරන්නන් ඒ පිළිබඳව අවධානය යොමු කර නිසි පියවර ගනීවි යැයි අපේක්ෂා කරන බවද ඔහු පවසයි.

සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) අරුණ වන්නිආරච්චි මෙම අවධාරණය සිදුකර තිබෙන්නේ සතිඅග අරුණ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

යුදමය වශයෙන් සතුරා පරාජයට පත් කළත් ඔවුන්ගේ බෙදුම්වාදී මතවාදය පරාජයට පත්වුවාද කියන සැකය ඇති බව සඳහන් කරන ඒ මහතා, ඇතැම් අවස්ථාවලදී රටක් ලෙස ශක්තිමත් නැතිනම් සතුරා ශක්තිමත් වන බවත් මෙයට මුහුණදීම ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිවෙකුට තනිවම තනිව සිදුකළ හැක්කක් නොවන බැවින් ඊට රටේ සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බවද පවසයි.

උතුරේ කඳවුරු ඉවත්කිරීම සම්බන්ධව වන යෝජනාව සම්බන්ධවද මෙම සාකච්ජාවේදී අවධානය යොමුකර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා පවසන්නේ කඳවුරක් ඉවත් කිරීම ගැන තීරණය ගන්නේ ජාතික ආරක්ෂක කවුන්සිලය බවයි.

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපතිතුමා, ආරක්ෂක ඇමැති, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් යුත් ජාතික ආරක්ෂක කවුන්සිලය අදාළ තක්සේරුවලින් පසුව ඒ තීරණය ගන්නා බවද ඔහු පවසයි.

දැනට පවත්වාගෙන යන කඳවුරු නිසි තක්සේරුවකින් ආරක්ෂක කවුන්සිලය විසින් පවත්වාගෙන යන කඳවුරු විය යුතු බව පෙන්වා දෙන ඒ මහතා, දැනට පවත්වාගෙන යන කඳවුරු ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම රජය විසින් කරන ඥානාන්විත පියවරක් වන අතර කාලීනව ඇගයීම් කර අවශ්‍යතාව මත කඳවුරු ඉවත් කිරීම හෝ අලුතින් ඇති කිරීම කළ හැකි බවද සඳහන් කර සිටියි.

ජාතික ආරක්ෂාව යනු පුළුල් විෂයක් වන අතර ජාතික ආරක්ෂාවේ පූර්ණ වගකීම ඇත්තේ රජයට බවත් රාජ්‍ය නායකයා ජාතික ආරක්ෂාවේ භාරකරු වන අතර යුදමය වශයෙන් විය හැකි තත්වයන්ගෙන් රට ආරක්ෂා කිරීම එහි යුදමය පරමාර්ථය වන බවත් ඔහු පෙන්වා දෙයි.

භෞතික වශයෙන් රටට ඇති විය හැකි බලපෑම්වලින් ජනතාව හා දේපළවලට විය හැකි තර්ජන වැළැක්වීම භෞතික ආරක්ෂාවට ඇතුළත් වන අතර වරාය, ගුවන්තොටුපොළ, මාර්ග පද්ධතිය, පාලම්, දුම්රිය මාර්ග, සන්නිවේදන පද්ධති වැනි යටිතල පහසුකම් ආරක්ෂා කිරීමත් රාජ්‍ය ආරක්ෂාවට ඇතුළත් බවද යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) අරුණ වන්නිආරච්චි වැඩිදුරටත් සිහිපත් කරයි.