කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද (16) පෙරවරු 9.30ට එම රැස්වීම මහ නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.
එහිදී පුරපතිවරයා සහ නියෝජ්‍ය පුරපතිවරයා තෝරා ගැනීමට නියමිතයි.
කොළඹ මහ නගර සභාව ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ අතර එහිදී ඔවුන්ට සභික මන්ත්‍රී ධුර 48ක බහුතරය හිමිවුණා.
පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තනි පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට පූර්ණ ජයග්‍රහණයක් හිමිවුයේ නැහැ.
ජාතික ජන බලවේගයට සභික ධුර 48ක්, සමගි ජන බලවේගයට සභික ධුර 29ක්, එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් හිමිවුණා.
ස්වාධීන කණ්ඩායම් අංක තුනට සභික ධුර 3ක්, සර්ව ජන බලයට සභික ධුර 2ක්, එක්සත් සාම සන්ධානයට සභික ධුර 2ක් හිමිවු අතර ස්වාධීන කණ්ඩායම් 4ට සහ ස්වාධීන කණ්ඩායම් 5ට සභික ධුර 2 බැගින් හිමවුණා.
ඊට අමතරව එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ස්වාධීන කණ්ඩායම් අංක එක හා ස්වාධීන කණ්ඩායම් අංක දෙකට එක් සභික ධුරය බැගින් හිමිවුණා.
සභික ධුර 117කින් සමන්විත කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට පක්ෂයට සභික ධුර 59ක් අවශ්‍ය වන පසුබිමක කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමිනොවිම හේතුවෙන් බලය පිහිටුවීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගැනුනා.
ඒ අනුව බස්නාහිර පළාත් කොමසාරිස්වරිය විසින් කොළඹ මහ නගර සභාවේ මංගල සභා වාරය හෙට (16) රැස්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විටත් නිකුත් කර තිබෙනවා.
එහිදී ඡන්ද විමසීමකින් පුරපතිවරයා සහ නියෝජ්‍ය පුරපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතයි.