29.5 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅපි පැරදුණේ රහස් ඡන්දයට ගිය නිසයි

අපි පැරදුණේ රහස් ඡන්දයට ගිය නිසයි

ආණ්ඩු බලය තියා­ගෙන සැල­සු­ම්ස­හ­ග­තව කොළඹ නගර සභාවේ බලය ලබා ගැනී­මට ජාතික ජන බල­වේ­ගය කට­යුතු කළ බව කොළඹ නාග­රික මන්ත්‍රී රීසා සාරුක් මහතා පැවැ­සීය. කොළඹ නගර සභාවේ මංගල රැස්වී­මෙන් අන­තු­රුව ඊයේ (16) මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය. කොළඹ නගර සභාවේ නග­රා­ධි­පති ධුරය සඳහා ජාතික ජන බල­වේ­ග­යෙන් ව්‍රායි බල්ත­සාර් මහ­ත්මිය සමඟ තරග කළ ප්‍රති­වාදී අපේ­ක්ෂ­කයා වූයේ සමගි ජන බල­වේ­ගයේ නාග­රික මන්ත්‍රී රීසා සාරුක් මහ­තායි. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ඡන්ද 61යි 54කින් අප පරාද වුණා. යම් යම් පක්ෂ අපිත් එක්ක එක­ඟ­ත්ව­ය­කට ඇවිල්ල තිබුණා. ආණ්ඩු බලය තියා­ගෙන සැල­සු­ම්ස­හ­ග­තව මේ අය රහස් ඡන්ද­ය­කට ගියා. අපි පුන පුනා කියද්දී පළාත් පාලන කොම­සා­රි­ස්ව­රිය රහස් ඡන්ද­ය­කට ගියා. එතු­මිය මුලින් කිව්වේ පනත අනුව විවෘත ක්‍රම­යට සහ රහස් ක්‍රම­යට මැති­ව­ර­ණය පව­ත්වන්න පුළු­වන් කිය­ලයි. යෝජනා දෙකම ඉදි­රි­පත් වූ අව­ස්ථාවේ දී මොන ක්‍රම­යද කියලා තෝරන්න ඕනේ සභාවේ වැඩි බහු­ත­ර­ය­කින්. නමුත් එතු­මිය ඒකා­ධි­පති ස්වරූ­ප­යෙන් රහස් ඡන්ද­යක් තියන්න තීර­ණය කළා. නමුත් අව­සා­නයේ අපිට එකඟ වෙන්න සිද්ධ වුණා. ආණ්ඩු බල­යත් එක්ක යම් දෙයක් සිදු­වුණා කියලා අපිට තේරෙ­නවා. රහස් ඡන්ද­ය­කට යනවා කියන තැනම අපිට සැක­යක් මතු වුණා.