29.5 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපළාත් පාලන ආය­තන මාර්ගෝ­ප­දේශ අමු­අ­මුවේ උල්ලං­ඝ­නය කරලා

පළාත් පාලන ආය­තන මාර්ගෝ­ප­දේශ අමු­අ­මුවේ උල්ලං­ඝ­නය කරලා

ආණ්ඩුව පළාත් පාලන ආය­තන මාර්ගෝ­ප­දේශ සංග්‍ර­හය අමු­අ­මුවේ උල්ලං­ඝ­නය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා විශේෂ ප්‍රකා­ශක් කර­මින් ඊයේ (16) පැව­සු­වේය.

තව­දු­ර­ටත් ඒ මහතා මෙසේ ද පැව­සීය.

“පළාත් පාලන ආය­ත­න­යක සමස්ත සභික ප්‍රමා­ණ­යෙන් 50%කට වැඩි ප්‍රමා­ණ­යක් කිසිදු දේශ­පා­ලන පක්ෂ­යක් හෝ ස්වාධින කණ්ඩා­ය­මක් ලබා නොමැති අව­ස්ථා­වල දී සභා­පති හා උප­ස­භා­පති තෝරන මාර්ගෝ­ප­දේශ පිළි­බඳ පැහැ­දිලි උප­දේ­ශන සහ නිර්ණා­යක රාජ්‍ය පරි­පා­ලන පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශය 2025 නිකුත් කර තිබෙ­නවා. විශේ­ෂ­යෙන්ම මේ මාර්ගෝ­ප­දේශ අනු­ග­ම­නය කර­මින් රටේ ප්‍රදේ­ශ­වල මේ කාර්යය නිය­මිත ආකා­ර­යට ක්‍රියා­ත්මක වන අව­ස්ථා­වල සමගි ජන බල­වේ­ග­යට හා විප­ක්ෂ­යට සභා ගණ­නා­වක බලය හිමි වුණා. මෙය දුටු වත්මන් ආණ්ඩුව මේ වන­විට බල­පෑම් කර­මින් මෙහි සඳ­හන් මාර්ගෝ­ප­දේශ වෙනස් කර ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු කර තිබෙ­නවා.

මේ මාර්ගෝ­ප­දේ­ශ­වල 7 වැනි පිටුවේ රහස් ඡන්ද­යක් හෝ විවෘත ඡන්ද­යක් පැවැ­ත්වීම ගැන මත විම­සන ආකා­රය සඳ­හන් වෙනවා. එහි දී එක් එක් සභි­ක­යාගේ නම අඬ­ගසා විම­සන ආකා­රය ගැන සඳ­හන්ව වෙනවා. එසේ තිබි­යදී සමගි ජන බල­වේ­ග­යත් විප­ක්ෂ­යත් මේ මාර්ගෝ­ප­දේශ අනු­ග­ම­නය කිරීම තුළ, ක්‍රියා­ත්මක කිරීම තුළ සභා­වල බලය ලබා ගැනීම නිසා අත්ත­නෝ­ම­තික ලෙස මේ මාර්ගෝ­ප­දේශ වෙනස් කර­න්නට බල­ධා­රීන් ඒ ඒ ප්‍රදේශ භාර පළාත් පාලන කොම­සා­රි­ස්ව­රුන් කට­යුතු කර ඇති බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.