29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළියගේ දියණිවරුන් දෙදෙනකු හා බෑණා අත්අඩංගුවට

කෙහෙළියගේ දියණිවරුන් දෙදෙනකු හා බෑණා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සෙසු දියණියන් දෙදෙනා සහ බෑණා ව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (19) පෙරවරුවේ ඔවුන් ව අත් අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්.

මුදල් විශුද්ධීකරණ චෝදනාවක් යටතේ සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි මොවුන් ව අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර ඊයේ දිනයේ දී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දෙවැනි දියණිය ද අත් අඩංගුවට ගැනුණා.

අධිකරණයෙන් ඇප හිමිවුණ ද, ඇප කොන්දේසි සම්පූර්ණ කරලීමට නොහැකි වීම මත ඔවුන් ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගැනුණේ.