30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොන්දේසි විර­හි­තව යටත් වෙනු

කොන්දේසි විර­හි­තව යටත් වෙනු

අමෙ­රි­කාවේ ඉව­සීම අඩු­වෙ­මින් පව­තින බැවින් කොන්දේසි විර­හි­තව යටත් වන ලෙස ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරා­නයේ ආධ්‍ය­ාත්මික නායක අය­තුල්ලා අලි කමේ­නිට අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන නාය­කයා රැඳී සිටින ස්ථානය නිශ්චිත වශ­යෙන්ම දන්නා බවත්, ඔහු ඉතා පහසු ඉල­ක්ක­යක් බවත් සඳ­හන් කර ඇති අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා  මෙවැනි මොහො­තක ඉරාන නාය­කයා ඝාත­නය කිරීමේ සූදා­න­මක් නැති බව ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ඉහළ මට්ටමේ ගුවන් ආර­ක්ෂණ පද්ධ­ති­යක් සහ අනෙ­කුත් උප­ක­රණ

ඉරා­නය සතු­වූ­වද, එය අමෙ­රි­කානු තාක්ෂ­ණ­යට සමාන කළ නොහැකි බවත්, මේ වන­විට ඉරාන ගුවන් සීමාව සම්පූ­ර්ණ­යෙන්ම පාල­නය කර ඇති බවත් ඔහු එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හන් කර තිබේ.

මේ අතර ඉරාන යුද ශක්තිය විනාශ කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි පිය­වර ගනු ඇතැයි උප­ජ­නා­ධි­පති ජේ.ඩී.වැන්ස් ප්‍රකාශ කර ඇත. ඊශ්‍රා­යල හමු­දාව පෙරේදා ඉරාන රජයේ රූප­වා­හිනී මධ්‍ය­ස්ථා­න­යට පහර දීමෙන් පැය කිහි­ප­ය­කට පසු ඉරා­නය විසින් ඊශ්‍රා­ය­ලයේ ටෙල් අවීව් සහ හයිෆා නග­ර­ව­ල ජන­තා­වට ඉව­ත්වන ලෙස අන­තුරු අඟ­වීම් නිකුත් කරනු ලැබූ බවත්, අන­තු­රුව එම නගර ඉලක්ක කර­මින් බැලැ­ස්ටික් මිස­යිල විශාල ප්‍රමා­ණ­යක් එල්ල කර ඇති බවත් වාර්තා වේ.