29.5 C
Colombo
Thursday, June 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබස් පර්මිට් ටෙන්ඩර් පටි­පා­ටි­ය­කට

බස් පර්මිට් ටෙන්ඩර් පටි­පා­ටි­ය­කට

ටෙන්ඩර් පටි­පා­ටි­යෙන් තොරව මාර්ග බල­පත්‍ර ඉදි­රි­යේදී ලබා නොදෙන බව ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (18) පැව­සීය.

බස් රථ සඳහා මාර්ග බල­පත් දීම දූෂිත සහ මාෆි­යා­වක් ලෙස පසු­ගිය වසර කිහි­පය පුරා ක්‍රියා­ත්මක වූ බවත්  මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රියේ බහු­තර සංඛ්‍යා­වක් කට­යුතු කර තිබෙන්නේ මෙම ක්‍රම­වේ­ද­යට බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රි­යට අයත් බස් රථ ධාව­නය කිරීම සම්බ­න්ධ­යෙන් ජාතික ජන බල­වේ­ගයේ කුරු­ණෑ­ගල දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව දිසා­නා­යක මහතා වාචි­කව ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

පසු­ගිය කාල­යේදී බස් රථ මාර්ග බල­පත්‍ර ලබා­දීම සම්බ­න්ධ­යෙන් විග­ණ­න­යක් සිදු කර එම කරුණු ඉදි­රි­යේදී රටට හෙළි­ද­රව් කිරී­මට බලා­පො­රොත්තු වන බවත් ඉදි­රි­යේදී කිසිදු රූට් පර්මිට් එකක් ටෙන්ඩර් කිරී­ම­කින් තොරව නොදෙන බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ බස් රථ සඳහා ඒකා­බද්ධ කාල­ස­ට­හන් ක්‍රමය ක්‍රියා­ත්මක කිරීම සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කර ඇතැයි ද අමා­ත්‍ය­ව­රයා කීය.

දැනට දකුණු පළාතේ ඒකා­බද්ධ කාල­ස­ට­හන් ක්‍රමය ක්‍රියා­ත්මක වන අතර, ඉදි­රි­යේදී පුත්ත­ලම් දිස්ත්‍රි­ක්ක­යේදී ද මෙම ක්‍රමය ක්‍රියා­ත්මක කරන බවත් පසු­ගිය සමයේ ලංගම ආය­ත­නය හොර රහසේ විනාශ කර ඇති බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය. ලංගම බස් රථ සඳහා ක්‍රම­යෙන් ඒකා­බද්ධ කාල­ස­ට­හන් ක්‍රමය ක්‍රියා­ත්මක කරන බවත් ග්‍රාමීය මාර්ග­වල තිබෙන ගැමි­සැ­රිය බස් සේවාව ඉදි­රි­යේදී ක්‍රම­වත්ව ක්‍රියා­ත්මක කර බස් රථ ධාව­නය නොවන දුෂ්කර සහ ග්‍රාමීය ප්‍රදේ­ශ­වල බස් රථ ධාව­නය කිරී­මට අපේක්ෂා කරන බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.