27.8 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋපාධි සහතිකේ අරන් අගෝස්තු 18 රන්වල ලංකාවට

උපාධි සහතිකේ අරන් අගෝස්තු 18 රන්වල ලංකාවට

හිටපු කතානායක ආචාර්ය අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය අනිවාර්යෙන් රට හමුවේ තබන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරමින් හෑන්සාඩ්ගත කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

මෙතෙක් එය ප්‍රමාද වූයේ ආණ්ඩුව අරපිරිමැස්මෙන් කටයුතු කරන නිසා අශෝක රන්වල ගුවනින් නොව පයින්ම ජපානය බලා පිටත් කොට යැවු නිසා බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ගූගල් මැප් එකට අනුව තෝකියෝ නගරයට යෑම සඳහා දින 129ක් සහ පැය 10ක් ද නැවත පැමිණීමට දින 129ක් සහ පැය 09ක් ගත වන බව ද ගම්මන්පිල සඳහන් කරයි.

ඒ අනුව දෙසැම්බර් 12 වෙනිදා ලංකාවෙන් පිටත් වූ අශෝක රන්වල උපාධිය සහතිකය ලබා ගැනීම සඳහා ද දිනයක් වැය කර දින 260ක් ගතකර අගෝස්තු 18 වෙනිදා නැවත ලංකාවට පැමිණෙන බව ද හෙතෙම පෙන්වා දෙයි.