25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශාල පිපිරුමක් සමග ස්පේස්එක්ස් රොකට්ටුව පුපුරා යයි

විශාල පිපිරුමක් සමග ස්පේස්එක්ස් රොකට්ටුව පුපුරා යයි

පියාසැරි පරීක්ෂණයක් සඳහා සූදානම් වෙමින් සිටියදී ස්පේස්එක්ස් ස්ටාර්ෂිප් රොකට්ටුවක් දැවැන්ත ගිනි බෝලයක් බවට පත්වන අවස්ථාව සජීවී ද‍ර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(18) රාත්‍රී 11 ට පමණ ටෙක්සාස් හි මැසේ පරීක්ෂණ මධ්‍යස්ථානයේදී මෙම පුපුරායාම සිදුව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සමාගම පැවසුවේ කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවයි. අවට ප්‍රජාවන්ට කිසිදු අනතුරක් නොමැති බවත් ප්‍රදේශයට ළඟා නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි බවත් ඔවුන් පැවසීය.
SpaceX හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නැත.