28.4 C
Colombo
Monday, June 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි

ජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස සේවය කරමින්, ස.තො.ස ආයතනයේ සේවකයින් නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුවූ බවට චෝදනා එල්ල වී ඇත.

මෙම චෝදනා මත, හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුව අද (23) කොළඹ මහාධිකරණයේ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ යළි විභාගයට ගන්නා ලදී.

නඩු විභාගයේදී, අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා වූ ඒ.එම්. විජේරත්න මහතාගෙන් විත්තිකරුවන්ගේ නීතිඥවරුන් විසින් හරස් ප්‍රශ්න ඇසීම සිදු කරන ලදී.

වැඩිදුර නඩු විභාගය ජූලි 30 වන දින දක්වා කල් දමමින්, විනිසුරුවරිය එදින සාක්ෂිකරුවෙකුට අධිකරණයේ පෙනී සිටීමට නියෝග කළ අතර, ඒ සඳහා සිතාසි නිකුත් කිරීමට ද උපදෙස් ලබා දුන්නා.

2010 සිට 2014 දක්වා කාලය තුළ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින්, ස.තො.ස සේවකයින් නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යොදවා රජයට පාඩුවක් වැනි තත්වයක් ඇති කිරීම තුළින්, අල්ලස් පනත යටතේ “දූෂණය” යන වරද සිදු කළ බවට චෝදනා එල්ල වී ඇත. මෙම නඩුව අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව ගොනු කර තිබේ.