30.6 C
Colombo
Tuesday, June 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසජින් වාස් වහා අල්ලනු උසාවියෙන් වරෙන්තු

සජින් වාස් වහා අල්ලනු උසාවියෙන් වරෙන්තු

රුපි­යල් ලක්ෂ 369කට අධික ආදා­යම් බදු නොගෙ­වීම සම්බ­න්ධ­යෙන් 2023 වර්ෂයේ දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව විසින් පවරා තිබූ නඩු­ව­කට ඊයේ දින අධි­ක­ර­ණයේ පෙනී නොසිටි හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණ­ව­ර්ධන අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පවිත්‍රා සංජී­වනී මහ­ත්මිය ඊයේ(23) වරෙන්තු නිකුත් කළාය.

වග­උ­ත්ත­ර­ක­රුට සිතාසි භාරදී ඇති මුත් අධි­ක­ර­ණයේ පෙනී සිට නොමැති බව

දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධි­ක­ර­ණ­යට දැනුම් දීමෙන් අන­තු­රුව මෙලෙස නියෝග කෙරිණි.

ව්‍යාපා­රි­ක­යකු වූ සජින් ද වාස් ගුණ­ව­ර්ධන 2010-2012 වර්ෂ­ව­ලට අදා­ළව ආදා­යම් බදු නොගෙ­වීම් සම්බ­න්ධ­යෙන් දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව විසින් 2023 වර්ෂයේ දී නඩු පවරා තිබුණි. සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් කරුණු දැක්වූ දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීති­ඥ­ව­රයා සඳ­හන් කරනු ලැබුවේ, මීට පෙර අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මගින්ද අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කර තිබූ අතර පසුව එම පෙත්සම ඉවත දමා ඇති බවයි.

එම නියෝ­ග­යට එරෙ­හිව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ විශේෂ අභි­යා­චනා පෙත්ස­මක් ඉදි­රි­පත් කර ඇතත්, මෙතෙක් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ

කට­යුතු අත්හි­ටුවා නියෝ­ග­යක් කර නොමැති බව දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීති­ඥ­ව­රයා වැඩි­දු­ර­ටත් අධි­ක­ර­ණ­යට කරුණු දැක්වීය.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රිය විත්ති­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට නියෝග කර­මින් වරෙන්තු නිකුත් කළාය.