සභාපති විනිසුරුවරයා ඇතුළු පරීක්ෂණ කමිටුව තමා සම්බන්ධයෙන් කවර තීන්දුවක් ලබා දුන්නද තමාගේ හෘද සාක්ෂියට අනුව වරදක් කර නොමැති බව වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සාක්ෂි ලබා දෙමින් පරීක්ෂණ කමිටුව හමුවේ අවධාරණය කළේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිදු කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙක් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඊයේ (23 ) රැස් වූ අතර, එහිදී සාක්ෂි ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
අවුරුදු 158ක මෙරට පොලිස් ඉතිහාසය තුළ පොලිස්පතිවරයකුට එරෙහිව මෙලෙස කටයුතු කළේ ප්‍රථම වතාවට බවත් මේ පිළිබඳ ඉදිරියේදී සමාජය දැඩි කතාබහකට ලක්කරනු ඇති බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
එමෙන්ම හරක්කටා හෙවත් නඳුන් චින්තක නැමැත්තා සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට හඳුනාගත් 149 දෙනෙකු අත්අඩංගුවට ගෙන අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස තමා පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී උපදෙස් ලබා දුන් බවත්, මෙය රහසිගත සාකච්ඡාවක් නොවන අතර, රාජකාරි කාර්යාලයේ, රාජකාරී වේලාවේ ලබා දුන් රාජකාරිමය කටයුත්තක් බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ අනුව මාතර වැලිගම W15 හෝටලය අසල සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් කණ්ඩායම සහ එම සිදුවීමට පෙර දින මාතර බලා ගොස් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් කණ්ඩායම පොලිස්පතිවරයාගේ නියෝගය අනුව ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ අනුව මෙය නීත්‍යනුකූලව සිදු කළ රාජකාරියක් බවත් විත්තිකාර පොලිස්පතිවරයා සඳහන් කළේය.
මෙහිදී තමා වැඩබලන පොලිස්පතිවරයා ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කැඳවා හරක්කටාගේ ආශ්‍රිතයන් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබා දුන් පසු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඔවුන්ගේ වගකීම බවත්, ඒ අනුව ඔවුන්ගේ අභිමතය පරිදි යන කණ්ඩායම, රැගෙන යන ආයුධ, රැගෙන යන වාහනය තීරණය කර ඇති අතර, ඊට තමා උපදෙස් ලබා නොදුන් බවත් කමිටුව හමුවේ සාක්ෂි ලබා දෙමින් විත්තිකාර පොලිස්පතිවරයා පැවසීය.
එමෙන්ම මෙතෙක් සාක්ෂි ලබා දුන් සාක්ෂිකරුවන් අතර මාතර – හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා හැර වෙනත් කිසිදු සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි හරහා තමා වැරදිකරු බවට ඔප්පු නොවූ බව ද ඔහු සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේය.
මේ අතර, යුක්තිය මෙහෙයුමට සමගාමීව නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ දුරකතන දත්ත විශේලේෂණ අනුව ඔහුගේ ආශ්‍රිතයන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය ලබා දුන් බවත් මෙලෙස හරක් කටාගේ ආශ්‍රිතයන් 149 දෙනෙකු අත්අඩංගුවට ගෙන අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස තමා පොලිස්පති සම් මන්ත්‍රණ ශාලාවේදී උපදෙස් ලබා දුන් බවත්, මෙය රහසිගත සාකච්ඡාවක් නොවන අතර, රාජකාරි කාර්යාලයේ, රාජකාරි වේලාවේ ලබා දුන් රාජකාරිමය කටයුත්තක් බවත් විත්තිකාර පොලිස්පතිවරයා ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජය වීරවික්රම මහතාගේ ප්‍රශ්න කිරීම හමුවේ පැවසීය.
ඒ අනුව මාතර වැලිගම W15 හෝටලය අසල සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් කණ්ඩායම සහ එම සිදුවීමට පෙර දින මාතර බලා ගොස් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් කණ්ඩායම පොලිස්පතිවරයාගේ නියෝගය අනුව ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ අනුව මෙය නීත්‍යනුකූලව සිදු කළ රාජකාරියක් බවත් විත්තිකාර පොලිස්පතිවරයා සඳහන් කළේය.
මෙහිදී තමා වැඩබලන පොලිස්පතිවරයා ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කැඳවා හරක්කටාගේ ආශ්‍රිතයන් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබා දුන් පසු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඔවුන්ගේ වගකීම බවත්, ඒ අනුව ඔවුන්ගේ අභිමතය පරිදි යන කණ්ඩායම, රැගෙන යන ආයුධ, රැගෙන යන වාහනය තීරණය කර ඇති අතර, ඊට තමා උපදෙස් ලබා නොදුන් බවත් කමිටුව හමුවේ සාක්ෂි ලබා දෙමින් විත්තිකාර පොලිස්පතිවරයා පැවසීය.
මේ අතර, තමාට වැඩබලන පොලිස්පති ධුරය ලබා දීමට පෙර එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඩ පැවැත්වීම ගැන කරුණු විමසූ බවත්, එහිදී තමාට මත්ද්‍රව්‍ය වැටලීම සහ සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීම ගැන තිබෙන වැඩපිළිවෙළ ජනාධිපතිවරයාට පැහැදිලි කළ බවත් ඔහු පැවසීය.
එම අවස්ථාවේ එවකට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාද සිටි බවත්, ඒ අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ විෂය භාර අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබුණු බවත්, එම උපදෙස් මත යුක්තිය මෙහෙයුම ආරම්භ කළ බවත් විත්තිකාර පොලිස්පතිවරයා පැවසීය.
මේ අතර, වැලිගම W15 හෝටලයේ වෙඩි තැබීමෙන් පසු ඒ පිළිබඳව එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල්ද සිල්වා මහතා එදින අලුයම 3.30ට පමණ දැනුම්වත් කළ බවත්, මෙලෙස හෝටලයක් අසල වෙඩි තැබීම සිදුව ඇති බැවින් මෙම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායම බීමතින් සිට යම්කිසි සිද්ධියක් සිදුවන්නට ඇති බවට තමා විශ්වාස කර නෙවිල් සිල්වා මහතාට ඔවුන් බීමතින් සිට ඇත්ද යන්න පරීක්ෂා කරන ලෙස උපදෙස් දුන් බවත් ඔහු පැවසීය.
එලෙස උපදෙස් ලබා දී තමා පසුව ගාල්ල කරාපිටිය රෝහලේ පොලිස් ඒකකය අමතා තුවාල ලබා රෝහල්ගත කළ නිලධාරීන් බීමතින් සිටින බවට විමසූ විට ඔවුන් බීමතින් සිට නොතිබුණු බවට දැනගත් බවත්, කෙසේ වෙතත් ඔවුන් බීමතින් සිට ඇද්ද යන්න සොයා බලා දන්වන ලෙස උපදෙස් ලබා දුන් නෙවිල් ද සිල්වා මහාතා තමාට මෙතෙක් ඒ පිළිබඳ වාර්තා නොකළ බවත් පොලිස්පතිවරයා පැවසීය.
මේ අතර, වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීම සහ පසුව ජංගම රථයෙන් වෙඩි තැබීමට අදාළ සමස්ත සිද්ධිය එම පරීක්ෂණ කටයුතු සිදු කළ නිලධාරීන් නිසි පරිදි සිදු කළ බවත්, ඒ අනුව එහි පරීක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාව තිබුණද තමා පොලිස්පතිවරයා ලෙස වෙනත් කණ්ඩායමකට යොමු නොකළ බවත් දේශබන්දු මහතා සඳහන් කළේය.
එලෙස වෙනත් කණ්ඩායමකට පොලිස්පතිවරයාගේ අභිමතය පරිදි පරීක්ෂණ මාරු නොකිරීමට තමා ගත් තීරණය ගැන සතුටු වන බවත්, එසේ නොමැති වූයේ නම් මෙම සිද්ධිය වෙනස් කිරීමට එහි වගකීම තමාට පැවරීමට ඉඩ තිබූ බවත් හෙතෙම පැවසීය.
මේ අතර, තමාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබා ගත් බවට චෝදනාවක් එල්ල වූ බවත්, තමා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි කාලය තුළ මෙරටට පැමිණෙන ක්‍රිකට් කණ්ඩායම්වල ආරක්ෂාව තමාට පැවරී තිබූ බවත්, ඒ අනුව ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කිරීමට සිදු වූ බවත් ඔහු පැවසීය.
එහිදී කාලයක සිට සිදු කළ මෙහෙවරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුර සඳහා රු.250,000ක පමණ වැටුපක් පිරිනැමීමට කටයුතු කළ බවත්, එවැනි ආකාරයේ තනතුරක් භාරගන්නා ලෙස තමාට අවස්ථාවක් හිමිව ඇති බව තමා විසින් එවකට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර පැවසූ බවත් පොලිස්පතිවරයා පැවසීය.
එහිදී ලේකම්වරයා විසින් කියා සිටියේ, ඕක භාර ගන්න එපා, ඉස්සරහට ලෙඩක් වැටෙයි යනුවෙන් සඳහන් කළ බවත්, ඒ වන විට රාජ්‍ය සේවයේ සිටියදී රැකියා දෙකක් සිදු කිරීමට නොහැකි බවට තමා දැනුම්වත්ව සිටි බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම තරනතුර ලබා දීමට ස්තූතිය පළ කර සහ තමාට මෙය භාර ගැනීමට නොහැකි බව සිය ලිපි ශීර්ෂය යටතේ ලිපියක් යොමු කළ බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ අනුව තමා එම තනතුර ප්‍රතික්ෂේප කළ බවත්, එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සත පහක හෝ දීමනාවක් අරන් නොමැති බවත් හෙතෙම පැවසීය.