26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅර්ජුන් ඇලෝසියස්ට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහි නඩුව එළඹෙන ජූලි මස 23වනදා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ, නොච්චියාගම පී. ඩී. ජී. ඇග්‍රි බිස්නස් සමාගමෙන් කැබලි කරන ලද බඩ ඉරිඟු කිලෝ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඊට අදාළ මුදල් නොගෙවා රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදලක් වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවට එරෙහිව පවතින නඩුව කැඳවීමේ අවස්ථාවේදීය.

මීට අමතරව, මහෙස්ත්‍රාත්වරයා විසින් අදාළ විමර්ශනයන්හි ප්‍රගතිය දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

අධිකරණය විසින් සැකකාර අර්ජුන් ඇලෝසියස් මහතා යළි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත. මෙම නඩුව කැඳවීමට නියමිත දිනය ලෙස ජූලි මස 23 වන දින නියම වී ඇත.