ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් විසින් ඉරාන මහ බැංකුව සහ තවත් ආයතන කිහිපයක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරමින් නියෝගයකට අත්සන් තබා ඇත. මෙම පියවර ගෙන ඇත්තේ ඊශ්‍රායල බුද්ධි සේවයේ ඉල්ලීම පරිදි ය.
ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති පරිදි, මෙම නියෝගය මගින් ෂාර් බැංකුව (Shahr Bank), මෙලට් බැංකුව (Mellat Bank), ඉරාන සන්නද්ධ හමුදා පොදු කාර්ය මණ්ඩලයට අනුබද්ධ සෙපේර් එනර්ජි ජහාන් (Sepehr Energy Jahan) සමාගම සහ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුද ත්‍රස්තවාදී සංවිධාන සහ ක්‍රියාකරුවන් ලෙස හඳුන්වා ඇත.
අමාත්‍යාංශයේ ප්‍රකාශයට අනුව, මෙම නියෝගයේ අරමුණ වන්නේ “කුඩ්ස් බළකාය සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මගින් මැදපෙරදිග පුරා ත්‍රස්තවාදය සංවිධානය කිරීමට, අරමුදල් සැපයීමට සහ සන්නද්ධ කිරීමට ඉරාන රජය ගන්නා පියවරවල් වලක්වාලීමයි.” එසේම, මෙම ආයතන කලාපය පුරා ඉරාන හිතවාදීන්ට මූල්‍ය සහය ලබාදෙන ප්‍රධාන මාර්ග ලෙසද හඳුනාගෙන ඇත.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඉරාන මහ බැංකුව දැනටමත් එක්සත් ජනපදයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් බවයි. මෙම නව නියෝගය මගින් එම ආයතනවලට එරෙහිව තවත් පියවර ගැනීමට අවස්ථාව සලසා ඇත.