28.4 C
Colombo
Wednesday, June 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsධීවර අමාත්‍ය රාමලිංගම්ට ජනතා විරෝධයක්

ධීවර අමාත්‍ය රාමලිංගම්ට ජනතා විරෝධයක්

යාපනයේ අරියාලේ චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න සමූහ මිනී වල ස්ම්බන්ධයෙන් පැවැත්වෙන ජනතා විරෝධතාවයට එක්වීමට ගිය ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාට එම ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.

මෙහිදී ජනයා අමාත්‍යවරයාට දැඩි විරෝධතාවක එල්ල කරමින් පවසා ඇත්තේ, අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුකිරීමට කටයුතු නොකල බවයි.

අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව යනතුරුම එම විරෝධතාකරුවන් විරෝධය දක්වා තිබෙනවා.

චෙම්මනි ප්‍රදේශයේදී සමූහ මිනී වළ 1996 වසරේදී සොයා ගත් අතර එහි කැණීම් කටයුතුවලදී මිනිස් ඇට සැකිලි විශාල ප්‍රමාණයක් සොයා ගැනුණා.

මෙම සමූහ මිනී වළ සම්බන්ධයෙන් නඩුවක්ද ගොණු වී තිබෙනවා.

පසුගියදා යාපනයේ අරියාලේ චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයේ සමූහ මිනී වලෙන් මිනිස් ඇටසැකිලි සොයා ගැනීමත් සමග, යාපනයේ අරියාලේ චෙම්මනි සමූහ මිනී වල පිලිබඳ කතා බහ යලි අලුත් වුණා.

අධිකරණ නියෝග මත චෙම්මනි සමූහ මිනී වළ පිළිබඳ කැණීම් කටයුතු ආරම්භ වූ අතර මිනිස් ඇට සැකිලි 19ක් එම කැණීම් වලදී හමුවී තිබෙනවා.

එම මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සකස් කෙරෙන තුරු සමූහ මිනී වලේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමුණු අතර යළි හෙට 26 සිට කැණීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ද ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ මෙහි කැණීම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන බවට සහතික වන ලෙසයි.