27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලීසියට සහ ගුවන් හමුදාවට අධිකරණයෙන් නියෝගයක්

පොලීසියට සහ ගුවන් හමුදාවට අධිකරණයෙන් නියෝගයක්

මාදුරුඔය ජලාශයට කඩා වැටී සිදුවූ ගුවන් අනතුරක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර, අනතුරට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙස දෙහිඅත්තකන්ඩිය වැඩබලන මහෙස්ත්‍රාත්වරයා, පොලීසියට හා ගුවන් හමුදාවට නියෝග කර තිබේ.

මෙම අනතුර සිදුවූයේ, පසුගිය මැයි මස 9 වනදා මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා කඳවුරේ පැවති විසිර යාමේ උත්සවය සම්බන්ධයෙන් පැවති නිදර්ශන චාරිකාවකට සහභාගීවූ ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් පියාසර කිරීමේදී, එය ජලාශයට කඩා වැටීමෙන්ය.

මෙම අනතුරෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් හය දෙනෙකු තුවාල ලබා ඇත.

පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් සලකා බලා, වැඩබලන මහෙස්ත්‍රාත් යූ රාජපක්ෂ මහතා, අනතුර සිදුවූ ස්ථානය සහ ජල තීරය පුද්ගලිකව නිරීක්ෂණය කළේය.

මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ගුවන් හමුදාව විසින් ගුවන් හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේත්, පොලීසිය විසින් පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේත් සිදුකරන බව අධිකරණයට දැනුම් දී ඇත.

අදාළ කරුණු සැලකිල්ලට ගනිමින්, වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට හා ගුවන් හමුදාවට වෙන්ව විමර්ශන සිදුකර, අනතුරට හේතු සොයා ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

එමෙන්ම මෙම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක්ද නිතර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට තවදුරටත් උපදෙස් ලබාදී ඇත.